Menu
Your Cart

Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)

Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)
Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)
Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)
Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)
Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)
Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)

Jayadi Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන් පිටි)
  • Stock: In Stock
  • Model: 000_01
  • RBP: 2
  • RBR: 12
  • Weight: 1.00kg
  • SKU: 000_01
Rs.960.00
Ex Tax: Rs.960.00

Lanka Kurakkan flour 1Kg (කුරක්කන්/කුරහන්)

100% ක් පිරිසිදු කුරක්කන් පිටි.

බර 400g හෝ 1kg ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැකිය.

 

Delivery within 4 - 6 days

 

කුරක්කන්/කුරහන්

Scientific Name : Eleusine coracana

Family Name : Poaceae

Plant Code : 020100

Name in English : Finger Millet

Name in Sinhala : Kurakkan

Name in Tamil : தினை விரல்

  • මිනිසා ලෝහය සොයා ගැනීමටත් ප්‍රථම, ගල් යුගයේ සිට භාවිතා කළ වටිනා ඖෂධීය ධාන්‍ය වර්ගයකි. කුරක්කන් ඇට සහ කොල ඇතුළු මුළු ශාකයමත් ආයුර්වේදයේ සඳහන් ආකාරයට ඖෂධයක් හැටියට භාවිතයට ගැනේ.
  • යකඩ හා කැල්සියම් බහුලව අඩංගු කුරක්කන්, කිරි දෙන කිරිදෙන මවුවරුන්ටත්, මාස හය ඉක්ම වූ ඕනෑම වයසක පසුවන දරුවන්ටත් වඩා යෝග්‍යය.
  • දහඩිය බිබිලි සුව කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස කුරක්කන් පිටි ආයුර්වේදයේ දී යොදා ගැනේ. පිතට  සහ කැස්සට ගුණදායි කුරක්කන් නිව්මෝනියා රෝගීන්ටත් පෙනහළු දුර්වල රෝගීන්ටත් ආහාරයක් වශයෙන් ලබා දීම ද වඩා යෝග්‍යය.
  • මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිත ගල් ඇති රෝගීන්ටත් කුරක්කන් වඩා සුදුසුය. බෝ නොවන රෝග අතර වර්තමානයේ බහුලව දක්නට ලැබෙන කොලෙස්ටරෝල් පාලනයට ඍජු දායකත්වයක් කුරක්කන් භාවිතයෙන් ලබාගත හැකිය.
  • කෙඳි සහිත ගුණයෙන් ඉහළ කුරක්කන් මලබද්ධයට ගුණ දායක අතර මළ බද්ධය ඇති නොවීමට ද කුරක්කන් භාවිතය යෝග්‍යය.
  • සරම්ප රෝගීන්ටත්, වසුරිය රෝගීන්ටත් කුරක්කන් එක ලෙස ගුණදායකය. කුරක්කන්හි ෆයිටික් අම්ලය බහුලව අඩංගු බැවින් පිළිකා සෛල වර්ධනය අඩු කිරීමට ද  ඉවහල් වේ. 
  • ආහාර දිරවීමේ ක්‍රියාවලියට ධනාත්මක බලපෑමක් එල්ල කරන කුරක්කන් දිරවා අවශෝෂණය කිරීමේ ගුණය, 61% ගුණයක් පමණ වන බවද   පර්යේෂණ වලින් ඔප්පු වී තිබේ. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති කුරක්කන් ගැනීමෙන් වයසට යාමේදී ඇතිවන ශරීරය වැහැරීමේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් ද කුරක්කන් සතුය.
  • මැග්නීසියම් බහුල පරණ කුරක්කන් දියවැඩියා රෝගීන්ට රෝගී තත්ත්ව පාලනය කර ගැනීමට ඖෂධය රෝගී තත්ත්ව පාලනය කර ගැනීමට ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන් ද භාවිතා කළ හැක. 
  • කුරක්කන් ආහාරයට ගැනීමෙන් පසුව වේලක් දෙකක් හෝ ඊට වැඩි වේලාවක් කුසගින්නක් නොදැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එයට මූලික හේතුව වන්නේ කුරක්කන් ආහාරයට ගැනීමෙන් පසුව උරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සෙමින් ක්‍රමානුකූලව සිදුවීමයි.
  • වසර දෙකක් පමණ පැරණි කුරක්කන් භාවිතයෙන් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ශරීරයට එක් කර ගත හැකි බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි.

 

කුරහන් යොදාගෙන පිළියෙල වෙන  විවිධ ආහාර වර්ග 

කුරහන් කැඳ  
කුරහන් පිටි ස්වල්පයක් ගෙන වතුර සමග හොඳින් දියකර, ලුණු ස්වල්පයක් දමා, ලිප තබන්න. මෙහි පිටි, භාජනේ අඩියේ නොඇල්ලෙන  සේ හැඳි ගාමින් පිසින්න. අවශ්‍ය නම් පොල්කිරි ස්වල්පයක් එක්කර එය පැසෙන විට බිමට ගන්න. ඔබගේ රුචිය අනුව අවශ්‍ය නම් සීනි හෝ හකුරු සමඟ පානය කරන්න.

රොටි
හාල්පිටි සමග කුරහන් පිටි මිශ්‍ර කරගෙන පොල් සහ ලුණු  දමා අනන්‍න. කෙසෙල් කොළයක වඩාගෙන එය රොටි කබලක දමා හොඳින් පුළුස්සා ගන්න.

තලප 
කුරහන් පිටි වලට ජලය එක් කරගෙන ලිප තබා එය ගොරෝසු මිශ්‍රණයක් වන සේ පිසින්න. කිරි හොදි හෝ පොල් කිරි සමඟ මෙම තලප ආහාරයට ගත හැකියි.

කුරහන් පිට්ටු 
කුරහන් පිටි වලට හාල් පිටි ද එක් කරන්න. පොල් සහ ලුණු එකතු කරගෙන සාමාන්‍ය පිට්ටු මෙන් මල් කරමින් අනන්න. පිට්ටු බම්බුවකට දමා ඉදෙන තුරු පිසින්න. පොල් කිරි සහ ලුණු මිරිසක් සමඟ ආහාරයට ගන්න.

කුරහන් ඉඳිආප්ප
හාල්පිටි සමග මිශ්‍ර කරගෙන උණුවතුරෙන් අනාගත් මිශ්‍රණයෙන් සාමාන්‍ය විදිහට ඉදිආප්ප පිළියෙල කරගත හැකිය.

හැලප
කුරහන්, පිටි, සීනි සහ පොල් එකට අනාගෙන එයින් කුඩා කොටස් කැද කොළයක තුනීවට අතුරා ගෙන අතුරාගෙන කොළය දෙකට නවා, වාෂ්පයෙන් තම්බා ගන්න. ඔබට අවශ්‍ය නම් මුලින් පොල් සහ සීනි එක් නොකොට, පැණි පොල් මිශ්‍රණය මැදට තබා ගෙන තම්බා ගැනීමටත් පුළුවන්.

Write a review

Please login or register to review