Menu
Your Cart

Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g

Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g
Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g
Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g
Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g
Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g
Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g

Jayadi Kurakkan (කුරහන්) string hoppers flour 400g
  • Stock: In Stock
  • Model: 00002
  • RBP: 1
  • RBR: 6
  • Weight: 400.00g
  • SKU: 00002
Rs.390.00
Ex Tax: Rs.390.00

Jayadi Kurakkan string hoppers flour 400g

(කුරක්කන් ඉඳිආප්ප  පිටි)

100% ක් පිරිසිදු කුරක්කන් ඉඳිආප්ප  පිටි.

 කුරක්කන්  පිටි වලින්ම පමණක් සැකසුම් කළ ඉඳිආප්ප පිටි.

 

Delivery within 4 - 6 days

 

සාදා ගන්නා අයුරු

උතුරා නිවාගත් ජලයට ලුනු ස්වල්පයක් දමා සාමාන්‍ය ඉඳිආප්ප සාදන අයුරින්

සාදා ගන්න.

 

කුරක්කන්/කුරහන්

Scientific Name : Eleusine coracana

Family Name : Poaceae

Plant Code : 020100

Name in English : Finger Millet

Name in Sinhala : Kurakkan

Name in Tamil: தினை விரல்

  • මිනිසා ලෝහය සොයා ගැනීමටත් ප්‍රථම, ගල් යුගයේ සිට භාවිතා කළ වටිනා ඖෂධීය ධාන්‍ය වර්ගයකි. කුරක්කන් ඇට සහ කොල ඇතුළු මුළු ශාකයමත් ආයුර්වේදයේ සඳහන් ආකාරයට ඖෂධයක් හැටියට භාවිතයට ගැනේ.
  • යකඩ හා කැල්සියම් බහුලව අඩංගු කුරක්කන්, කිරි දෙන කිරිදෙන මවුවරුන්ටත්, මාස හය ඉක්ම වූ ඕනෑම වයසක පසුවන දරුවන්ටත් වඩා යෝග්‍යය.
  • දහඩිය බිබිලි සුව කිරීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස කුරක්කන් පිටි ආයුර්වේදයේ දී යොදා ගැනේ. පිතට  සහ කැස්සට ගුණදායි කුරක්කන් නිව්මෝනියා රෝගීන්ටත් පෙනහළු දුර්වල රෝගීන්ටත් ආහාරයක් වශයෙන් ලබා දීම ද වඩා යෝග්‍යය.
  • මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිත ගල් ඇති රෝගීන්ටත් කුරක්කන් වඩා සුදුසුය. බෝ නොවන රෝග අතර වර්තමානයේ බහුලව දක්නට ලැබෙන කොලෙස්ටරෝල් පාලනයට ඍජු දායකත්වයක් කුරක්කන් භාවිතයෙන් ලබාගත හැකිය.
  • කෙඳි සහිත ගුණයෙන් ඉහළ කුරක්කන් මලබද්ධයට ගුණ දායක අතර මළ බද්ධය ඇති නොවීමට ද කුරක්කන් භාවිතය යෝග්‍යය.
  • සරම්ප රෝගීන්ටත්, වසුරිය රෝගීන්ටත් කුරක්කන් එක ලෙස ගුණදායකය. කුරක්කන්හි ෆයිටික් අම්ලය බහුලව අඩංගු බැවින් පිළිකා සෛල වර්ධනය අඩු කිරීමට ද  ඉවහල් වේ. 
  • ආහාර දිරවීමේ ක්‍රියාවලියට ධනාත්මක බලපෑමක් එල්ල කරන කුරක්කන් දිරවා අවශෝෂණය කිරීමේ ගුණය, 61% ගුණයක් පමණ වන බවද   පර්යේෂණ වලින් ඔප්පු වී තිබේ. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති කුරක්කන් ගැනීමෙන් වයසට යාමේදී ඇතිවන ශරීරය වැහැරීමේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් ද කුරක්කන් සතුය.
  • මැග්නීසියම් බහුල පරණ කුරක්කන් දියවැඩියා රෝගීන්ට රෝගී තත්ත්ව පාලනය කර ගැනීමට ඖෂධය රෝගී තත්ත්ව පාලනය කර ගැනීමට ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන් ද භාවිතා කළ හැක. 
  • කුරක්කන් ආහාරයට ගැනීමෙන් පසුව වේලක් දෙකක් හෝ ඊට වැඩි වේලාවක් කුසගින්නක් නොදැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එයට මූලික හේතුව වන්නේ කුරක්කන් ආහාරයට ගැනීමෙන් පසුව උරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සෙමින් ක්‍රමානුකූලව සිදුවීමයි.
  • වසර දෙකක් පමණ පැරණි කුරක්කන් භාවිතයෙන් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ශරීරයට එක් කර ගත හැකි බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි.

 

Write a review

Please login or register to review