





- Stock: In Stock
- Model: 00004
- RBR: 1
- Weight: 100.00g
- SKU: 00004
Kithul flour (කිතුල්පිටි) 100g
පිරිසිදු කිතුල් පිටි 100g/ 200g ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැකිය.
Delivery within 4 - 6 days
කිතුල්පිටි (Kithul Flour)
කිතුල් ගස කප් රුකක්. කිතුල් ගස ඇසුරින් කෙරෙන නිෂ්පාදන අතර කිතුල්පිටි (Kithul Flour) සඳහා ප්රමුඛ ස්ථානයක් හිමිවේ.
අතීතයේ පටන්ම රෝග මැඩීමට මෙන්ම සුව දිවියකට මග සැලසූ කිතුල්පිටි අදටත් ගැලපෙන කාබනික අහරකි.
කිතුල්පිටි කැඳ අලුවා, සහ තලප සකසා ගැනීමට මෙන්ම අයිස්ක්‍රීම්, ටොෆි, යෝගට්, පුඩිං ආදිය සකසා ගැනීමට ද යොදා ගැනේ.
කිතුල්පිටි වල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ.
හෙළ වෙදකමට අනුව ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා බෙහෙවින් හිතකරයි. කිතුල්පිටි කැඳ උදෑසන හිස් බඩට පානය කළ හැකි නම් රෝග රැසක් සුව කරගත හැක.
කෑම රුචිය ඇති කර ගැනීමට උපකාරී වන හෙයින් ගැබිනි මවුවරුන්ට, රෝගී වූවන්ට ඉතා ගුණදායක වේ. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට එම රෝගය පාලනයට උපකාරී වන අතර ඝණ ආහාර ගත නොහැකි රෝගීන්ගේ ශක්තිය වැඩි වීමට උපකාරී වේ. පාණ්ඩුව වළකයී . ක්ෂණික ආහාර වෙනුවට කුඩා දරුවනට ලබා දිය හැකි ගුණදායකම ආහාරයකි.
සීනි සහිත නිසා දියවැඩියා රෝගීන් නිතරම ආහාරයට නොගත යුතු අතර ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග ඇති අයට ද නිතිපතා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැත. රසයෙන් වගේම පෝෂණීය ගුණයෙන් ද හෙබි සාම්ප්‍රදායික ආහාරයක් වන කිතුල් පිටි ඔබේ ජීවිතයට හැකි අයුරින් එක් කර ගන්නට අමතක කරන්න එපා.
කිතුල් පිටි වලින් සකසන රසවත් අහාර
කිතුල් පිටි කැඳ
කැකුළු සහල් ස්වල්පයක්
කිතුල් පිටි 100
පොල් කිරි කෝප්පයක්
වතුර කෝප්ප 5ක්
රස අනුව ලුණු
රස අනුව සීනි
සාදන ආකාරය-
පළමුව සහල්ටික ලිප තබන්න.එයට රස අනුව ලුණු එක් කරන්න.කිතුල් පිටි භාජනයක දියකර ගන්න.සහල් තැම්බීගෙන එනවිට දියකර ගත් කිතුල් පිටි එයට එක් කරගන්න.පිටි හොඳින් තැම්බෙනවිට එයට පොල් කිරි එකතු කරන්න.කිරි හොඳින් පැසෙනවිට කැඳ එක ලිපෙන් ඉවතට ගන්න.ඉන්පසුව රස අනුව සීනි එක් කරගන්න. අවශ්‍යනම් වියළි මිදි හා හකුරු ආදිය එක් කර වඩා රසවත් කරගත හැකිය.
කිතුල් පිටි තලප
අවශ්‍ය ද්‍රව්‍ය
කිතුල් පිටි ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 300ක්
පැණි හෝ හකුරු
පොල් කිරි කෝප්ප 3ක්
බැද කුඩු කර ගත් මුං පියලි කෝප්ප ½ ක්
දිය ලුණු රස අනුව
සාදන ක්‍රමය කිතුල් පිටි සාස්පානකට දමා පොල් කිරි, සීනි, දිය ලුණු එකතු කරන්න.පැණි රස අවශ්‍ය නම් හකුරු හෝ පැණි පදමට දමමින් නැවත දිය කරන්න.ළිප මත තබා හැඳිගාන්න.ඒ අතරතුර මුං පියලි එකතු කරන්න.භාජනයේ අඩියේ මිශ්‍රණය ඇලෙන බවක් දැනුනත් ඝන තත්ත්වයට එන තෙක් නොනැවතී හැඳිගාන්න.විනාඩි 5ක් 10ක් පමණ ගත වූ විට තැටියක් මතට දමා කෙසෙල් කොළයකින් තුනී කර කැබලි කපා ගන්න.