





- Stock: In Stock
- Model: 00006
- RBR: 2
- Weight: 200.00g
- SKU: 00006
Kollu (කොල්ලු ඇට) 200g
පිරිසිදු කොල්ලු ඇට 200g. අවශ්‍ය ප්‍රමාණයක් ලබාදීමට හැකිය
Delivery within 4 - 6 days
කොල්ලු වල ගුණ
- අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
- දහසකුත් එකක් ශරීරයේ ලෙඩ රෝග වලට විසදුම් ලැබෙන ධාන්‍ය වර්ගයක් ලෙස මෙන්ම අශ්ව ශක්තිය ලබාදෙන ආහාරයක් ලෙසත් කොල්ලු ප්‍රසිද්ධයි.
- බටහිර රටවල මෙම ධාන්‍ය වර්ගය horse gram ලෙසින් හඳුන්වනවා.
- යකඩ වලින් අනුන ආහාරයක් බැවින් දරු ප්‍රසුතියෙන් පසු ඇතිවන යකඩ උනතා සඳහා මෙන්ම කාන්තාවන්ගේ ආර්තව කාලවලදීත් ආහාරයට ගත හැකි ඉතා වටිනා ආහාරයක් තමයි කොල්ලු.
- මෙහි තන්තු සහ ප්‍රෝටීන බහුලව තිබෙන නිසා මලබද්ධයට මෙන්ම අර්ශස් රෝග වලටත් ඉතා හිතකර ආහාරයක් වනවා වගේම රුධිරගත සීනි පාලනයටත් වකුගඩු වල ගල් දිය කිරිමටත් කොල්ලු වලට හැකියාවක් තිබෙනවා.
- මෙතරම් දහසකුත් එකක් ගුණ සහිත මෙම ධාන්‍ය වර්ගය වර්තමානයේ පෙරදිග මෙන්ම බටහිර රටවලත් වඩාත් ප්‍රචලිත ආහාරයක් වී ඇත්තේ එහි ඇති මේදය දහනය කිරීමේ හැකියාව හේතුවෙනුයි.
- තෙල් සහ පිටි අධික ආහාර ශරීරගත වීම නිසා බොහෝ දෙනා අධික ස්ථුලතාවයට ලක්ව ඇති කාලයක කොල්ලු යනු ශරීරයේ බර අඩු කල හැකි වටිනා ආහාරයක්.
සාදා ගත හැකි ආහාර කිහිපයක් .....
කොල්ලු පානය
කොල්ලු කෝප්ප ½ ක්
හබල පෙති කෝප්ප ½ක්
සුදුරු තේ හැඳි ½ක්
කොල්ලු හොදින් සෝදා වතුර බේරෙන්නට තබා මද වෙලාවක් අව්වේ තබා වේලාගන්න. එසේ වේලාගත් කොල්ලු තාච්චියකට දමා ඇට පුපුරන තෙක් බැදගන්න. මේ ටික ලිපෙන් බාගෙන එම තාච්චියටම හබල පෙති සහ සුදුරු ටික දමා ලාවට බැදගන්න. මෙම හබල පෙති, සුදුරු, සහ කොල්ලු සියල්ල එකට දමා හොදින් කුඩු වන ලෙස ග්රයින්ඩ් කරගන්න. මෙම මිශ්‍රණය පෙනේරයකින් හලාගෙන හොදින් නිමුණු පසු බෝතලයක් උපයෝගයෙන් අසුරගන්න. කොල්ලු පානය සැදීමට අපට අවශ්‍ය වන්නේ මෙයින් තේ හැඳි 2ක්. හොදින් නටන උණුවතුර ඔබේ කෝප්පයට දමා එයට මෙම කොල්ලු මිශ්‍රණයෙන් තේ හැඳි 2ක් සමග ලුණු ස්වල්පයක් දමා වසා හොදින් තැම්බෙන්නට ඇර ඉන්පසු පානය කරන්න
උදේ කිරි කෝප්පයත් සමඟ
ඉහත සාදාගත් කොල්ලු මිශ්‍රණයෙන් තේ හැඳි 2ක් ගෙන නටන උනුවතුර කෝප්ප ½ සමඟ දමා තැම්බෙන්න හරින්න. මෙයට වෙනම සාදාගත් කිරි මිශ්‍ර කරන්න. මේ සඳහා පිටි තේ හැඳි 2ක් සීනි තේ හැන්දක් දමා උණු වතුර ස්වල්පයක් සමඟ හොදින් කළවම් කර කොල්ලු මිශ්‍රණය සමඟ මිශ්‍ර කර ලිපේ තබා හොදින් තැම්බුණු පසු පෙරා පානය කරන්න. මෙය ඔබ උදයට කිරි කෝප්පයට එක් කරන මෝල්ට් මිශ්‍රණය හා සමාන එහෙත් ඊට වඩා පෝෂ්‍යදායි පානයකි
කොල්ලු ව්‍යංජනය
තුනපහ මිශ්‍රණය සදහා
කොත්තමල්ලි ඇට තේ හැදී 2
ගම්මිරිස් ඇට තේ හැදී 1
සුදුරැ තේ හැදී 1
මහදුරු තේ හැදී 1
වියලි මිරිස් කරල් 5යි
කුරුදු කෑල්ලක්
කරදමුංගු කරල් 5ක්
පොල් මේස හැදී 3ක්
හොදින් තම්බාගත් කොල්ලු කෝප්ප ½ක්
ලොකු ළුණු ගෙඩි 1ක්
අල පොඩි ගෙඩි 1ක්
තක්කාලි ගෙඩි 1ක්
අමුමිරිස් කරල් 1ක්
සුදුළුනු බික් 3ක්
ඉගුරු අගලක පමණ කැබැල්ලක්
පළමුවෙන්ම තුනපහ සදහා දී ඇති අමුද්‍රව්‍ය වලින් පොල් ටික හැරෙන්න අනෙක් සියල්ල මිශ්‍ර කර කබලේ බැදගන්න. පොල් ටික වෙනම රන්වන් පාට වනතුරු බැදගන්න. ඊළගට මේ සියල්ල වතුර ටිකක් සමග මිශ්‍ර කර ග්රයින්ඩ් කර තලපයක් සේ සුදානම් කර තබාගන්න.
මීලගට හට්ටියක් ලිප තබාගෙන තෙල් මේස හැදී 3ක් පමණ දමා අබ ඇට තේ හැන්දක් දමා එය පුපුරන විට කරපිංචා තලාගත් සුදුළුනු සහ ඉගුරු අමුමිරිස් බොම්බයි ළුණු තක්කාලි සහ අල ගෙඩිය එක් කර වතුර දමා අල යම් මට්ටමකට තැම්බෙන තුරු වසා ලිපේ තබාගන්න. මෙය ඊලගට මෙයට කහ ලුණු සහ තුනපහ මිශ්‍රණය දමා වතුර කෝප්ප ¼ක් පමණ දමා හොදින් තම්බාගත් කොල්ලු ටික එක් කර කළවම් කරගන්න. මෙය හොදින් නටන විට ලිපෙන් බාගන්න.